13-11-2013
( දොඩන්දූව - සංඛ විජේසූරිය )
බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාවේ කැලම් මැක්රේ , ප්‍රමුඛ කොටින්ට කඩේයන ඊනියා මාධ්‍යවේදීන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනයන අසත්‍යය ප්‍රචාරයන්ට විරෝධය පළකිරීමේ උද්ඝෝෂණයක් රුහුණු මාධ්‍යවේදීන් විසින් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී ඊයේ (13)පවත්වන ලදී.
ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් , නීතිවේදීන්ද , සිවිල් සංවිධාන නියෝජිතයින් ද, විශාල පිරිසක් මෙම උද්ඝෝෂනයට සහභාගී වූහ. රුහුණු මාධ්‍යවේදීන්ගේ එකමුතුව මගින් මෙය සංවිධානය කර තිබිණ.
( ඡායාරූප ;- දොඩන්දූව , සංඛ විජේසූරිය ) 0725925152



